Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ මන්ත්‍රීවරුන්ට තක්සේරුවකින් පසු ආරක්ෂක නිලධාරීන් දෙනවා. – ඇමති විජේපාල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණි

මාධ්‍යවල පළ වූ වාර්තා පිළිබඳව අදහස් දැක්වූ විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය. අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වාර්තා සලකා බලා අවශ්‍ය නම් පමණක් අදාළ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවයි ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ ඔවුන් සහභාගී වන උත්සව සඳහා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Decisive Cabinet discussion on Provincial Council Elections today

Mohamed Dilsad

Human Rights Commission requests Acting IGP to take action to prevent communal unrest

Mohamed Dilsad

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

Editor O

Leave a Comment