Trending Newsඑසැන පුවත්දේශීය

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

කොටහේනේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැඟවූ ආයුධ පෙන්වීමට ගෙනයාමේදී ඇතිවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ මාදම්පිටිය සහ පිළියන්දල මඩපාත ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 32 සහ 35 යන වයස්වල පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන්.

වෙඩිතැබීම සිදුකර පළායමින් සිටියදී පොලීසිය ඔවුන්ව හඹාගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාත් ඔවුන් පැමිණි යතුරුපැදියත් ඔවුන්ගේ ගිනිඅවියත් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඒ අවස්ථාවේදී අතපය බැඳ බිම හොවා සිටි සැකකරුවන් දෙදෙනාගේ වීඩියෝ දර්ශන ද මාධ්‍ය ඔස්සේ විකාශය වී තිබිණි. ඒ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ප්‍රකෘති තත්වයෙන් නොසිටි බවත් එම වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරිණි.

කෙසේවෙතත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කාක දූපතේ උණ්ඩ තොගයක් සඟවා ඇතැයි පැවසූ බවත් ඒවා සොයාගැනීම සඳහා ඊයේ රාත්‍රියේම ඔවුන්ව රැගෙන කාක දූපතට ගිය බවත් එම ස්ථානයේදී ඔවුන් පොලිස් නිලධාරියෙකු සතු ගිනිඅවිය උදුරාගෙන පොලීසියට වෙඩිතැබූ අතර එහිදී පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බවත් පොලීසිය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සැකකරුවන් එල්ල කළ වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු ද රෝහල්ගත කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

தகவல் வாரம் இன்று முதல்…

Mohamed Dilsad

மீள்சுழற்சி செய்யமுடியாத பிளாஸ்டிக் பொருட்களுக்கு தடை

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment