Trending Newsඑසැන පුවත්දේශීය

සංජීව ඝාතනයේ සැකකරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මුල්වරට එළියට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පෙරේදා (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් ප්‍රබල අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ජීවිතක්ෂයට පත්විය.

ඔහු ඝාතනය කිරීම සඳහා මෙම වෙඩික්කරු සහ සැකකාරිය නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි පැමිණ තිබූ බව පසුව අනාවරණය විය. ඒ අනුව, අදාළ වෙඩික්කරු ඉකුත් මස 7 වනදා දෙහිවල, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩික්කරු බව පොලීසිය පැවසීය.

එමෙන්ම, අදාළ ඝාතනය සඳහා අධිකරණ භූමියට රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තැනැත්තියක් බවයි, පොලීසිය පැවසුවේ.

සංජිව ඝාතනය කරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මීගමුව ප්‍රදේශයට පළා ගොස් තිබූ අතර පසුව කළ සෝදිසි මෙහෙයුමකදී වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

“Promoting peace and coexistence is important than Ministerial portfolios” – Rishad

Mohamed Dilsad

புத்தளம் குப்பை தொட்டி திட்டத்திற்கு எதிரான எதிர்ப்பு பேரணி

Mohamed Dilsad

Minister Bathiudeen says “No gas price hike”

Mohamed Dilsad

Leave a Comment