Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙතෙක් බුක්ති විඳි අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනාවලට අදාළව අයවැයෙන් සිදුකළ වෙනස සතියක් තුළ නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

අදාළ කටයුත්ත නිවැරදි නොකළහොත් ඉන් පසුව වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ඊයේ (19) තීරණය කළ බවද එම සමිතියේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයන් විසින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ බුක්ති විඳිමින් තිබෙන අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කර තිබෙන බව ඔහු පවසා සිටියේය.

මෙය නිවැරදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට දින හතක කාලයක් ලබා දෙන බවත්, එමගින් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උපරිමයෙන් උත්සාහ දරන බවත් රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

පැය විසිහතර පුරා විශාල කැප වීමක් සිදු කරන සෞඛ්‍ය සේවාවේ අනන්‍යතාව නොසලකා නොහරින ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.a

Related posts

Organised Crimes Division to question ‘Andarewatte Chamara’

Mohamed Dilsad

Pakistan’s National Defense University Delegation in Sri Lanka

Mohamed Dilsad

Sudan crackdown death toll rises to 60

Mohamed Dilsad

Leave a Comment