Trending Newsඑසැන පුවත්දේශීය

‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?

අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් විමසීය.

අධිකරණය ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු නොදී හැකි ඉක්මනින් පිටව යාමට උත්සාහ දරනු ලැබීය.

කෙසේ වෙතත් ඔහු ඉතා කෙටියෙන් කියා සිටියේ සිදුවීමට සම්බන්ධ සියළු පුද්ගලයන් හඳුනාගෙන ඇති බවයි.

අධිකරණය සංකීර්ණයක සැකකරුවන් එළිපිට වෙඩි තබා මරා දමන්නේ නම් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විමසුවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා කලබලකාරී ස්වභාවයෙන්ම තම වාහනය ගෙන්වාගෙන එතනින් පිටව යාමට උත්සාහ කළේය.

Related posts

වැඩිවෙන විදුලි ගාස්තුව කර්මාන්තවලට බලපාන අයුරු

Mohamed Dilsad

கேப்பாப்புலவு 189 ஏக்கர் காணிகள் விடுவிப்பு

Mohamed Dilsad

Two persons shot dead by gunmen in Hanwella

Mohamed Dilsad

Leave a Comment