Trending Newsඑසැන පුවත්දේශීය

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි.

උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී ඇත.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටින ලෙසටත් දැනුම් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related posts

பேருந்து ஊழியர்களுக்கு விடுக்கப்பட்டுள்ள எச்சரிக்கை

Mohamed Dilsad

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

State Literary Awards Ceremony under President’s patronage

Mohamed Dilsad

Leave a Comment