Trending Newsඑසැන පුවත්දේශීය

රිලව් සහ වඳුරන් ට, අවුරුදු 77ක ට පසුව ඇමතිධූර ලැබිලා – බත්තරමුල්ලේ සීලරතන හිමි

මුළු රටටම විදුලි බලය බිඳවැටීමක් වැනි දෙයක් විදෙස් රටක සිදුවුණේ නම් අනිවාර්යයෙන්ම එරට, විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වෙන නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවෙන බවත් ඒ සම්බන්ධයෙන් සැලකීමේදී පසුගිය රජයන් හා වර්තමාන රජයත් එක හා සමාන බවත් බත්තරමුල්ලේ සීලරත්න හිමියෝ පවසති. අද (13) පැවති මාධ්‍ය හමුවකදී සීලරතන හිමියෝ එසේ ප්‍රකාශ කළේය.

සීලරත්න හිමියෝ මෙසේ ද පැවසූහ. “ඇතැම් අය බලය ගත්තේ ලංකාවම හදනවා කියලා. ලංකාව ස්වයංපෝෂිත කරනවා කියලා. දැන් මේ වසර 77 කින් පස්සේ වඳුරෝ සහ රිලව් ඇමති පදවි ලබලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට 1948න් පස්සේ ශ්‍රී ලංකා මාතෘභූමිය තුළ රිලව් ඇමතිවරු ඉන්නවා, වඳුරු ඇමතිවරු ඉන්නවා. කවුද, බලශක්ති. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වශයෙන් රිලව් රංචුවක් ඉන්නවා. දැන් මේ වසර 77 කින් පස්සේ තමයි මේ වඳුරයි රිලවයි ගිහිල්ලා මුළු ලංකාවටම සියලුම ප්‍රදේශවලට විදුලිය නැති කෙරෙන්නේ. මේකෙ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නෑ. ඇතැම් ඇමතිවරු කියනවා අපි ඒක සුළු දෙයක් හැටියට සලකනවා, එවැනි දේවල් වෙන්න තිබුණා, පහුගිය රජයෙනුත් වුණා, ඇමතිවරු ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ කියලා. නමුත් විදේශ රටක නම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යයෙන් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා සුදුසු ආසනයකට යනවා. අපේ ශ්‍රී ලංකා මාතෘභූමියෙ පසුගිය රජයත් එකයි, වත්මන් රජයත් එකයි, ඔක්කොම ටික සෙල්ලම් කරන්නේ ජනතාවත් එක්ක”

Related posts

Slow growth impacted fiscal deficit in 2019

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

பதவி ஏற்ற அமைச்சர் எஸ் பி

Mohamed Dilsad

Leave a Comment