Trending Newsඑසැන පුවත්දේශීය

හිරුණිකාට වරෙන්තු

2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව අදාළ සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් 11 දෙනෙකු මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.  ඒ අනුව නීතිපති උපදෙස්වල ප්‍රගතිය ජුනි මස 30 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ භූමියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.

Related posts

இலங்கை அணிக்கு 306 வெற்றியிலக்கு

Mohamed Dilsad

වෛද්‍ය සභාවේ ක්‍රියා අධීක්ෂණයට පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

மன்னார் ஆயர் இல்லம், திருக்கேதீஸ்வர ஆலயத்திற்கு சஜித் பிரேமதாச விஜயம்

Mohamed Dilsad

Leave a Comment