Trending Newsඑසැන පුවත්දේශීය

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව, තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි පරිදි 1997 කෙටි දුරකතන අංකය පොලීසිය විසින් මෙලෙස හඳුන්වා දී තිබේ.

Related posts

SriLankan Airlines Decides to change cashew supplier

Mohamed Dilsad

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் இறுதி தீர்மானம் இன்று

Mohamed Dilsad

Leave a Comment