Trending Newsඑසැන පුවත්දේශීය

”මහ කන්නයේ” හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ඇරඹේ

මහ කන්නයට අදාළව නොවැම්බර් මස ඇතිවූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම අද (30) සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව සඳහන්. ඒ අනුව පොළොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වගා හානිවලට අදාළව වන්දි ගෙවීම් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ

වන්දි මුදල් ලබා දීමට අදාළ ගොවීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින්ගේ නිර්දේශ සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාළ වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.

එම දිස්ත්‍රිකවල නිර්දේශිතව ලද හානි වූ වගා බිම් අක්කර 13379,96ක ගොවි මහතුන් 6234ක් සදහා රු.මි 166.7කට ආසන්න මුදල් ප්‍රමාණයක් වන්දි වශයෙන් ලබා දීමට නියමිත බව සඳහන්. එමෙන්ම වන්දි මුදල් ගොවීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාළ සියළුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි මුදල් හානියට පත් ගොවි මහතුන්ගේ ගිණුම්වලට බැර කිරීමටයි නියමිතව ඇත්තේ

Related posts

ISIS shift in strategy may threaten India and Sri Lanka, warns India’s Intel

Mohamed Dilsad

අඟුලානේ වෙඩි තැබීමට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O

Leave a Comment