Trending Newsඑසැන පුවත්දේශීය

ජනතා බදු මුදලින් නඩත්තුවෙන වාහනවලින්, පොලිස් ආරක්ෂාව යටතේ යෝෂිත මල්ලි කොළඹ ට එක්කගෙන ආපු පොලීසියට නාමල් රාජපක්ෂ ස්තුති කරයි.

සෙනසුරාදා දිනයක උදෑසන, නීතිපති උපදෙස් අරන්, මහජන බදුමුදලින් නඩත්තුවෙන වාහනවලින්, කොළඹ සිට අධිවේගී මාර්ගයේ තංගල්ලට යන විදිහ බැලුවහම ආණ්ඩුව යම්කිසි මර්ධනයකට සූදානම් වෙන බව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (25) එම අදහස් පළ කළේය.

කටඋත්තරයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත් ජනතා බදු මුදල්වලින් තෙල් ගහගෙන තංගල්ලටම පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. ආණ්ඩුවට සහ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්න. නෝන්ඩි වෙන්න එපා. දේශපාලන අවශ්‍යතාව මත නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය වෙන මහන්සිය ඔය විදිහටම පාතාලය මර්දනය කිරීමට ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි. අපිට එන්න කිව්වනන් අපි එනවා. අපි ඇවිල්ලත් තියෙනව. පොලීසිය හිතන්න ඇති අපරදෙනේ අපේ වාහනවල තෙල් පුච්චගෙන තංගල්ලේ ඉදන් කොළඹ එන්න ඕනේ නැති නිසා පොලීසියෙන් කොළඹ ඉදන් තංගල්ලට ඇවිල්ලා ආරක්ෂා සහිතව ගෙනල්ල කටඋත්තර ගන්නවා. පොලීසියටත් මම ස්තුතීවන්ත වෙනවා කොළඹ ඉදන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ලා ගමේ එක්සිට් එකේ නවත්තාගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට ගෙනල්ලා කටඋත්තර ලියන එකට. පොලීසියටයි ආණ්ඩුවටයි අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නෝන්ඩි වෙන්න එපා කියල” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Related posts

இளைஞர் ஒலிம்பிக் போட்டியில் இலங்கைக்கு வெங்களப்பதக்கம்

Mohamed Dilsad

Navy renders assistance to clean-up water courses and drainage systems in Colombo

Mohamed Dilsad

தேர்தல் பாதுகாப்பு மற்றும் தொடர்பு அலுவவகம் இன்று முதல் செயற்படும்

Mohamed Dilsad

Leave a Comment