Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ  සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය පැවසුවාය.

මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා  මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා  ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත තානාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන්  ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

“Sri Lanka, key partner with China in Belt and Road Initiative” – Chinese Envoy

Mohamed Dilsad

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]

Mohamed Dilsad

கோலாலம்பூர் விசேட நிகழ்வுகளில் பங்கேற்க அமைச்சர் றிஷாட் மலேசியா பயணம்

Mohamed Dilsad

Leave a Comment