Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කරන ලෙස ඉල්ලීමක්

වසරකට පොල් ගෙඩි මිලියන 200ක් ලංකාවට ආනයනය කිරීමට තීරණයක් ගන්නැයි පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. පොල් ආනයනය කිරීමට ඉඩ දීම මගින් රුපියල් 140ක වැනි මිලකට පොල් ගෙඩියක් මිල දී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනු ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

ගෘහස්ථ පාරිභෝජනය සඳහා පමණක් නොව පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහාත් පොල් අවශ්‍ය වන බැවින් වර්තමානයේදී වෙළෙඳපොළ තුළ පවතින හිඟය පියවීම සඳහා රජය මෙම තීරණය ලබා ගැනීම වැදගත් වනු ඇති බව එම මණ්ඩලය පවසයි.

‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි‘ මැයෙන් මාධ්‍ය හමුවක් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය කොළඹදී ඊයේ (ජන. 21) පැවැත්වූ අතර එහිදී එම මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මේ බව පැවසීය. පොල් ගෙඩි වශයෙන් නැත්නම් කොප්පරා චිප්ස්, වියළන ලද පොල්, පොල් කිරි සහ ශීත කළ පොල් කැබැලි වැනි අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙසත් සභාපතිවරයා කීවේය.

පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල්වලින් ආනයන කළ හැකි බව හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ පොල් ගෙඩි මිලියන 2,700ක අස්වැන්න ලැබී ඇති අතර ඉන් ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෙඩි මිලියන 1,200ක් සහ අපනයන සැකසුම් සඳහා ගෙඩි මිලියන 1400ක් භාවිත කර ඇත. පසුගිය 2021 සිට 2024 වසර දක්වා පොල් ගෙඩි පලදාව ගෙඩි මිලියන 700කින් පමණ අඩුවී ඇත.

පසුගිය 2023 ඩොලර් මිලියන 708ක් පොල් අපනයන කර ලබාගෙන ඇති අතර 2024දී එම ආදායම ඩොලර් මිලියන 782කි. ඒ අනුව 2024දී පොල් අපනයනවල සියයට 20 ඉහළ යෑමක් වාර්තා වේ. මේ අනුව, මෙරට මාසික පොල් අවශ්‍යතාව ගෙඩි මිලියන 250ක් බව ත් දේශීයව පරිභෝජනය වෙනුවෙන් ඉන් මිලියන 150ක් පමණ අවශ්‍ය වන බව ත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පෙන්වා දෙයි. එසේ ම, තෙල් සහ කාබන් කර්මාන්තය සඳහා අවශ්‍ය නැවුම් පොල් ආනයනය ලාභදායී බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසති.

පොල් පලදාව ඉහළ දැමීමට කෘමි හානි පාලනය, පොහොර, යටිතල පහසුකම් දියුණු කිරීමට රජය පොල්වතු හිමියන්ට උදවු කළ යුතු බව ඔවුහු කියති.

පොහොර සහ පොල්ගස් අවට තෙතමනය රැක ගැනීමට රජය මැදිහත් වී ක්‍රියාත්මක විය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

කෙසේ වෙතත්, පොල් හිඟය අපනයනකරුවන්ටත් ගැටලුවක බව එම මණ්ඩලය වැඩිදුරට ත් පෙන්වා දෙයි.

Related posts

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලය ජලාශයට මුල්ගල තබයි

Mohamed Dilsad

Rameswaram fishers to go on strike demanding Sri Lanka release arrested students

Mohamed Dilsad

Rathgama Abduction: CID investigations reveal missing businessmen were killed and burnt

Mohamed Dilsad

Leave a Comment