Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස බාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මහින්ද රාජපක්ෂගේ නිල නිවස යළි රජයට පවරාගෙන, පනතට අනුව මාසිකව රුපියල් තිස්දහසක මුදල වන ජනාධිපතිවරයාගේ වැටුපෙන් තුනෙන් එකක මුදලත් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

නිල නිවස ව්‍යවස්ථානුවකූලව ඔහුට හිමිව ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා. කෙසේ වෙතත් නිවස අවශ්‍ය බවට ලිඛිතව ඉල්ලීමක් සිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ. එලෙස සිදු කරන්නේ නම් ඕනෑම මොහොතක මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස බාරදෙනු ඇති.

මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් කොට තංගල්ලට යැවූ පසුව රටේ හාල්, පොල්, ලුණු හිඟකම් ඇතුළු රටේ ප්‍රශ්න විසඳී ජනතාව සතුටින් සිටී නම් තම පවුලට ද එය සතුටක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. ගුරු නිවාසයේ සිට ඉහළ පෙළේ නිලධාරී අති විශාල පිරිසකට රජයෙන් නිල නිවාස ලබාදී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී ඔවුන්ගේ නිල නිවාස මාසික කුලිය තක්සේරු කිරීමට ද රජය කටයුතු කරනු ඇති බවත්, ඉදිරියේදී ඒ සියල්ලන්ටම ද මෙය බලපානු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියා.

Related posts

EU leaders to consider climate neutrality pledge

Mohamed Dilsad

Kim Jong-nam murder case to go to trial

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදන: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment