Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු ගොවීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසය.

ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ වනවිටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වී සඳහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Related posts

காலநிலையில் மாற்றம்

Mohamed Dilsad

Celeb cameos in Donald Glover’s new video [VIDEO]

Mohamed Dilsad

Israel-Gaza border ignites after botched incursion, 4 dead

Mohamed Dilsad

Leave a Comment