Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

පැවති ආණ්ඩු කාලවලදී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ දේශපාලන හේතුන් මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එකම පාසලේ අවුරුදු දහයක සේවා කාලයක් සහිත ගුරුවරුන් ස්ථාන මාරු ලේඛන අනුව එම පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන නමුත් ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසල්වලම රැඳී සිටීමට උත්සාහ දරමින් ඇතැයි තොරතුරු ඇති බවයි.

මෙවන් ස්ථාන මාරු අත්හිටුවීමට පසුගිය ආණ්ඩු වලදී දේශපාලන බලපෑම් කළ බවත් මෙවරත් එවන් අවස්ථා වාර්තා වෙමින් තිබෙන බවත් හෙතෙම චෝදනා කරයි.

වසර දහයක සේවා කාලයක් ඇති ගුරුවරුන් හාරදාස් පන්සීයක් පන්දහසක් අතර පිරිසක් ස්ථාන මාරු කිරීමට ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කර තිබෙන නමුත් අනුප්‍රාප්තිකයන් නැතිවීම මත මෙම ස්ථාන මාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශය ගැටලුවකට ගැටලුකාරී තත්ත්වයකට මුහුණත් ඇත.

මීට පිළියමක් ලෙස ලේකම්වරයා පෙන්වා දෙන්නේ දුෂ්කර සේවයේ යෙදී නොමැති වයස අවුරුදු 45-50 අතර සියලු ගුරුවරුන් ස්ථාන මාරු කළ යුතු බවය.

Related posts

“Pakistani people have a friendly image on Sri Lanka” – Envoy

Mohamed Dilsad

மூன்று வாரங்களுக்கு குறைந்த அழுத்தத்தில் நீர் விநியோகம்

Mohamed Dilsad

தொழிற்சங்க நடவடிக்கைக்கு 121 தொழில் சங்கங்கள் ஆதரவு…

Mohamed Dilsad

Leave a Comment