Trending Newsඑසැන පුවත්දේශීය

අත්අඩංගුවට ගෙන ඇති සහෝදරයා ගැන, හිටපු ඇමති මනූෂ කතා කරයි.

සිය සහෝදරයා සිදු කරන වංචා සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් පැමිණිලි කළ බව කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා ප්‍රකාශ කළේය. සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (10) පැවැති උත්සවයකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම ඒ බව කීවේය.

හිටපු ඇමතිවරයා මෙසේ ද කීවේය. “මුලින්ම නම් කරලා මුලින්ම මාධ්‍යයට කිව්වේ අපි. මාධ්‍යයේ දැම්මා. සමාජ මාධ්‍යයේ තියෙනවා. මිනිසුන්ට අහුවෙන්න එපා. ඒවා නීති විරෝධී වැඩ කියලා කිව්වෙත්, පළවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. එක පවුලේ ඉන්නවා විවිධ අය.

ඒ වගේම ඒ වගේ පුද්ගලයෝ කරන වැඩවලට අනිත් අය හිරේ යන්න ඕනේ නැහැනේ. මේ පිළිබඳව ආරංචි වෙද්දි, අපි අතර තිබුණ සම්බන්ධතා අයින් කරලා පැමිණිලි කරලා නීතිමය කටයුතු සියල්ල කරලා තියෙනවා.” යැයි ද කීවේය.

Related posts

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

Mohamed Dilsad

ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

க.பொ.த சாதாரண தரப் பரீட்சை விடைத்தாள் மதிப்பீட்டு பணிகள் ஜனவரி ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment