Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය ගැන අලුත් තොරතුරක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි මස 10ත් – 12ත් අතර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පිළිතුරු පත්‍ර ඇගැයීම් මේ වන විට මධ්‍යස්ථාන 47ක පිහිටා ඇති මණ්ඩල 418ක් විසින් සිදු කරනු ලබන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගයෙන් අනතුරුව පසුගිය 02 වැනිදා ඇගැයීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර ඇගැයීම් කටයුතු ලබන 12 වැනිදා අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

ඇගැයීම් කටයුතු අවසන්ව 12 වැනිදා සිසුන්ගේ ලකුණු පත්‍රිකා ලැබුණ ද ඒවා නිසි පරිදි පරීක්ෂා කර පරිගණකගත කිරීම ඇතුළු කටයුතු රාශියක් සිදු කිරීමට සිදුවන බැවින් තවත් කාලයක් ඒ සඳහා ගතවන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙසේ නිකුත් කිරීමට නියමිතව ඇති අතර එම ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන වෙනුවට නිදහස් ලකුණු 03ක් සෑම අපේක්ෂකයකුටම අධිකරණ නියෝගයට අනුව ලබාදෙනු ඇත.

Related posts

Court orders arrest of Rohitha Bogollagama’s wife and daughter

Mohamed Dilsad

எதிர்கட்சித் தலைவர் மற்றும் சவூதி அரேபியாவின் சபாநாயகர் இடையே சந்திப்பு

Mohamed Dilsad

ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment