Trending Newsඑසැන පුවත්දේශීය

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

ප්‍රදේශවාසීන් සහ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම් සලකා බලා ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට එම දේවාලයේ රාජකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කළේය.

මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව තාවකාලික නිලමේවරයෙකු පත් කිරීමට එරෙහිව දියත් කළ විරෝධතාව අවසන් කරමින් එහි කපු මහතුන් අද (07) උදෑසන තේවා කටයුතු සිදු කර තිබේ.

Related posts

Wimal raises objections to signing the MCC grant

Mohamed Dilsad

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Editor O

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment