Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඉන් සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බවක්,  ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනු බවත් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් අනාවරණය වූ කරුණු මත ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිත බවය.

එමෙන්ම වර්ථමාන රජය බලයට පත්වූ පසුව මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජිකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

Joint Opposition decides to go ahead with No-Confidence Motion on Prime Minister

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment