Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයට නිධානයක් පහළ වෙයි.

චීනයේ කුයින්ගායි ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අදාළ සානුව ආශ්‍රිතව මේවනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි. කෙසේවෙතත් කුයින්ගායි ටිබෙට් සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150 ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇතු බවට වාර්තා පළ වනවා.

ඒ අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද සඳහන්.

මෙම සොයාගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති.

Related posts

பயணிகளுக்காக மேலதிகமாக 100 பேருந்துகள் சேவையில்

Mohamed Dilsad

ඉමිතියාස් – රෝසි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං අවදානමක්

Mohamed Dilsad

Leave a Comment