Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදා කැඳවා තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

Mohamed Dilsad

மரண தண்டனைக்கு எதிராக 10 மனுக்கள் தாக்கல்

Mohamed Dilsad

முன்னாள் இராணுவ அதிகாரிக்கு ஏப்ரல் 9 ஆம் திகதி வரை விளக்கமறியல்

Mohamed Dilsad

Leave a Comment