Trending Newsඑසැන පුවත්දේශීය

අරගලයෙන් පසු දේශපාලකයන් 6000ක් විවිධ හේතු මත, දේශපාලනයෙන් සමුගෙන – පැෆරල්

අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.

විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ දෙදහසකට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී තිබෙනවා.තවද දේශපාලන පක්ෂ තිහක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව ඔහු සදහන් කළා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණයට පසුගියදා නාමයෝජනා කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඊට අපේක්ෂකයෝ 80,000කට වැඩි පිරිසක් ඉදිරිපත් වී තිබුණා.

Related posts

Inmate who shot another prisoner transferred

Mohamed Dilsad

Philippines President confers Order of Sikatuna on Sri Lanka’s Ambassador

Mohamed Dilsad

நியுசிலாந்து – இலங்கை கிரிக்கெட் அணிகளுக்கிடையிலான பயிற்சிப் போட்டி

Mohamed Dilsad

Leave a Comment