Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු 2007 අංක 48 දරන පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පරිච්ඡින්න කළ යුතු බවට 2024-03-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

එහෙත්, එකී පනත පරිච්ඡින්න කිරීමත් සමඟ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ වන භාණ්ඩ ආනයනය කිරීමේදී එකතු කළ අගය මත බද්ද ඇතුළුව අනෙකුත් බදු අදාළ වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳ පොළ මිල කෙරෙහි සිදුවිය හැකි බලපෑම සහ දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීමේ රජයේ ප්‍රතිපත්තියට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත.

එබැවින්, එකී බද්ද පරිච්ඡින්න කිරීම සඳහා වන 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකිරීමටත්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනු ප්‍රමාණ 2025-01-01 දින සිට බලාත්මකව පවත්වා ගෙන යාම පිණිසත් අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

Seventy-three-year old killed after being attacked by wooden plank

Mohamed Dilsad

Syrian rebels to evacuate Ghouta fighters

Mohamed Dilsad

Floyd Mayweather rips current boxing stars, says no one can match his star power

Mohamed Dilsad

Leave a Comment