Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ඉන්නේ බොරුවෙන් ජීවත් වෙන අය – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා

උගතුන් සම්බන්ධයෙන් ගැන පුරාජේරු කියමින්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියත් බොරුවෙන්ම ජීවත් වුණු මිනිසුන් ගණනාවක් එහි සිටින්නේ යැයි පෙනී යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. කොළඹ දී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

“මේ ආණ්ඩුව බලයට ආවෙ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු අරන් එනවා කියලා. ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා මේ අය නොම්බර එකේ උගත් මිනිස්සු, මාර වැඩකාරයෝ, ඉස්සර හිටපු සෙට් එක වගේ නෙවෙයි කියලා. කොහොමද වැඩේ ? කථානායකතුමාටම බීඑස්සී උපාධියත් නෑ, එතුමා පිළිගන්නවානෙ, ආචාර්ය උපාධියත් නෑ, එන්ඩීටී තියෙනවාද කියලාත් සැකයි. බොරුවෙන්ම ජීවත් වෙච්ච මිනිස්සු. මේ වගේ අය බර ගාණක් ඉන්නවා. දැන් පේන විදියට හොර දොස්තරලාම හයක් විතර ඉන්නවා”

Related posts

A “Train to Busan” sequel on the way

Mohamed Dilsad

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

Editor O

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

Mohamed Dilsad

Leave a Comment