Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහිව විශ්වාස භංගයක්…?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් කළ යුතු බවය.

එසේ නොකළොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීවේය. “එතුමාට ඇත්තටම පිළිගත හැකි ආචාර්ය උපාධියක් තියෙනවා නම් මේ කතාව කිසිම තේරුමක් නෑ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වන්න යන ප්‍රමාදයත් රජය වෙනුවෙන් කතා කරපු මාධ්‍ය ප්‍රකාශයක ඒවට පිළිතුරු දීම මඟහැරීමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ආචාර්ය උපාධිය පිළිබඳ  කාරණය ඉවත් වීමත් එක්ක අපිට පේනවා මේකේ විශාල ගැටලුවක් තියෙනවා. ඉදිරි සති දෙක තුළ එතුමාගේ ආචාර්ය උපාධිය රටට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම තීරණය කරලා නෑ. අපි සාකච්ඡා කිරීමට නියමිතයි. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරනවා. එහෙම වුණොත් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් හෘදසාක්ෂියට එකඟව පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙයි කියලා.”

Related posts

‘Significant’ discovery of 400-year-old shipwreck off Portugal

Mohamed Dilsad

දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන

Mohamed Dilsad

UNP Presidential candidate to be revealed next week

Mohamed Dilsad

Leave a Comment