Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට පුටුව ලකුණෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව අලගියවන්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ශවයන් සමග මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ගොනුව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ පළාත් පාලන මැතිවරණයට ‘පුටුව’ ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය මින් ඉදිරියට සියලු මැතිවරණ සඳහා ‘අලියා’ ලකුණින් පමණක් ඉදිරිපත්වීමට තීරණය කරීම නිසා බවද පැවසේ.

Related posts

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගැන වෙනස් කතාවක්

Mohamed Dilsad

ஆயுதங்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

2050ம் ஆண்டளவில் கடலில் ஏற்படவுள்ள மாற்றம்! (காணொளி இணைப்பு)

Mohamed Dilsad

Leave a Comment