Trending Newsඑසැන පුවත්දේශීය

බලය බෙදීම සහ දේශපාලන විසඳුම් පිළිබඳ ජනාධිපති සමග සාකච්ඡා කළා – ශානක්‍යන් රාසමාණිකම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදා දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සාකච්ඡා සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානක්‍යන් රාසමාණිකම් මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

“අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා. උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා තියෙනවා. ජනාධිපති අපිට කිව්වේ ඉදිරි කාලයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් කියලා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. යම් යම් ජාතිවාදී ප්‍රකාශ කියවුණු නිසා මේ ජාතිවාදය නැති කිරීමේ අවශ්‍යතාවක් වශයෙන් මේක භාවිත කළා මිසක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මින් ඉදිරියට භාවිත කරන්න කැමති නෑ කියන එකත් ප්‍රකාශ කළා. දේශපාලන සිරකරුවන්ට ඇප දෙන්න පුළුවන්ද කියලා සොයා බලලා ඒක කරන්නත් ජනාධිපතිතුමා කැමති වුණා “.

Related posts

රියදුරන් වැරදි කළොත් වැඩ වරදී! ලබන වසරේ ඉඳන් ක්‍රියාත්මක වන අලුත් තීන්දුව

Mohamed Dilsad

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

Mohamed Dilsad

எதிர்க்கட்சித் தலைவராக மஹிந்த ராஜபக்ஷவை சபாநாயகர் மீளவும் அறிவித்தார்

Mohamed Dilsad

Leave a Comment