Trending Newsඑසැන පුවත්දේශීය

රෝහල් රැසක ඉන්සියුලින් හිඟයක්

දිවයින පුරා රජයේ රෝහල් රැසක දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් එන්නත් නොමැති වීම නිසා සායනවලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. රෝගීන්ට නිවසේදී එන්නත් කරගැනීම සඳහා ලබාදෙන මික්ස්ටාඩ් නමැති ඉන්සියුලින් එන්න ප්‍රමාණවත් තරම් නොමැති බව සඳහන්.

මෙකී එන්නත්, 750,000ක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එක් සමාගමකට ටෙන්ඩරය ලබාදී ඇති අතර එම සමාගම ඉන්සියුලින් සඳහා සිය ලියාපදිංචිය යාවත්කාලීන කරගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබානොදීම මෙම එන්නත් හිඟයට හේතු වී ඇතැයි සඳහන්.

හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඖෂධ සමාලෝචන රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් පසුගිය 21 වනදා අවධානය යොමුකර තිබූ අතර එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවකි. එහෙත් මේ වනතෙක් එම බලපත්‍රය ලබාදී නොමැති බව වාර්තාවෙයි.

Related posts

Misty conditions to prevail – Met Department

Mohamed Dilsad

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

Mohamed Dilsad

Sri Lanka seek best combination and ‘continuity’ in ODIs

Mohamed Dilsad

Leave a Comment