Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

වෙළෙඳපොළේ බිත්තරයක මිල රු. 40ත් 45ත් අතර දක්වා මිල ඉහළගොස් තිබේ. පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ. සුපිරි වෙළෙඳසැල්වල බිත්තරයක් රුපියල් 50-55 සීමාව දක්වා මිල නියම වී ඇත.

පසු සටහන :

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවේ ආර්ථික කමිටු සාමාජිකයෙක් යැයි හඳුන්වාගත් විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා අංශයේ ආචාර්යයවරයෙක් ලෙස කටයුතු කරන නන්දසිරි කීඹියහෙට්ටි මහතා ට අනුව බිත්තරයකින් රු. 8.50ක මුදලක් පසුගිය ආණ්ඩුව සමයේ, කාගේ හෝ සාක්කුවට යන බවට පුකාශයක් කර තිබිණ. ඒ අනුව මේවන විට බිත්තරයක මිල රු. 40-45ත් අතරේ පවතින බැවින් බිත්තරයකින් රු. 8.50ක මුදලක් කාගේ හෝ සාක්කුවට යන්නේ දැයි වෙළෙඳ අමාත්‍යවරයා විසින් ජනතාවට පැහැදිලි කිරීම වැදගත්වේ.

අනුර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වී දින කිහිපයකදී බිත්තර මිල අඩුවූ අවස්ථාවේ ආර්ථික කමිටු සාමාජික සහ ආර්ථික විද්‍යා ආචාර්යය නන්දසිරි කීඹියහෙට්ටි තම ෆේස්බුක් පිටුවේ 2024 සැප්තැම්බර් 25 තැබූ සටහන පහතින්. (දැනට මෙම පෝස්ටුව ඔහු විසින් ඉවත් කර ඇති අතර, ජනතාව යළි මතක් කිරීම සඳහා මෙය පළකරන ලදි.)

වත්මන් බිත්තර මිල පිළිබඳව ආචාර්යය නන්දසිරි කීඹියහෙට්ටි දරන මතය පිළිබඳව ඔහු විසින් අදහසක් පළ කරන්නේ නම් ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට අප සූදානම්.

Related posts

நோட்டனில் ஆணின் சடலம் மீட்பு

Mohamed Dilsad

Naval, fishing communities cautioned as low pressure area likely to develop into depression

Mohamed Dilsad

ரஜினியுடன் மோதும் பிரபல கிரிக்கெட் வீரரின் தந்தை…

Mohamed Dilsad

Leave a Comment