Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි බිලේ සහන මේ වසරට නැත

මෙම වසරේදී විදුලිය ගාස්තු සංශෝධනය කිරීමක් සිදු නොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම විදුලි බල මණ්ඩලය විසින් ප්‍රමාද කිරීම එයට හේතුවයි. ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා එම මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබිණ. කෙසේ වෙතත් එම ගාස්තු සංශෝධනයන් ප්‍රමාණවත් නොවන බව කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට දැනුම්දී තිබිණ.

ඒ අනුව අදාළ යෝජනා නොවැම්බර් මස 08 වැනිදාට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබා දිය යුතුව තිබිණ. එදිනට අදාළ යෝජනා ඉදිරිපත් නොකළ විදුලි බල මණ්ඩලය තවත් දින 14ක කාලයක් ඉල්ලා සිටි බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් එම දිනයේදී අදාළ ගාස්තු සංශෝධන යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දී නොමැති අතර ඒ සඳහා තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව ද සඳහන්.

අදාළ ගාස්තු සංශෝධන යෝජනා ලබාදීමට දෙසැම්බර් 06 වැනිදා දක්වා කාලය ලබාදී තිබේ. ඔවුන් විසින් අදාළ ගාස්තු නියමිත දිනට ඉදිරිපත් කළත්, එය අධ්‍යයනය කිරීම සඳහා මාස දෙකකට අධික කාලයක් ගත වන බව සඳහන්. ඒ හේතුවෙන් විදුලිය ගාස්තු සංශෝධනය ලබන වසර දක්වා කල් යනු ඇත.

Related posts

Palaniswami writes to Premier Modi over fresh arrests of Tamil Nadu fishermen by Sri Lanka

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ, දෙවෙනි කුඹල් පෙරහර අද

Editor O

Nigeria floods kill 100 people across 10 states

Mohamed Dilsad

Leave a Comment