Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය මෙන්න.

මෙරටට වාහන ආනයනයට පනවා ඇති සීමාවන් ඉවත් කළොත්, එය මුල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් කරනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. මෙරට සංචාරක යෙදුණු ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානයේ පීටර් බෲවර් සඳහන් කරන්නේ වාහන ආනයනයේදී රට තුළ ඇති සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

බෲවර් මහතා මෙසේ ද කීවේය. “මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි. ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා. එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතු යැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කළේය.

Related posts

அஜித் என் கனவு நாயகன்?

Mohamed Dilsad

வளிமண்டலத்தில் ஏற்பட்டுள்ள மாற்றம்..!

Mohamed Dilsad

Karu to visit flood victims in North today

Mohamed Dilsad

Leave a Comment