Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වඳුරු උණ අවධානම තව දුරටත්.

වඳුරු උණ වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ, වඳුරු උණ සඳහා ඉහළ මට්ටමින් අවධානයක් යොමු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ස්වාධීන විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඊයේ (22) ජිනීවාහි පැවති හමුවකදී මෙලෙස අනතුරු අඟවා ඇති අතර එය විශේෂ වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගෝස්තු මාසයේදී වඳුරු උණ ගෝලීය අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට පසුව යළි මෙලෙස සිහිකැඳවා තිබිණ.

නව වාර්තාවන්ට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ අසල්වැසි රටවල මෙම වසරේ වඳුරු උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සඳහන්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප්‍රිකානු සංගමය ඔක්තෝබර් අවසානයේ අනතුරු අඟවා තිබුණේ, වඳුරු උණ ව්‍යාප්තිය තවමත් පාලනය කර නොමැති බවත්, එය කොරෝනා ට වඩා දරුණු විය හැකි වසංගතයක් විය හැකි බැවින් වළක්වා ගැනීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබාදෙන ලෙසයි

Related posts

வாக்குப் பெட்டிகளை கொண்டு செல்லும் நடவடிக்கை ஆரம்பம்

Mohamed Dilsad

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

National Buddhist Think Tank meets under patronage of President

Mohamed Dilsad

Leave a Comment