Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ලැයිස්තු ආසන දෙකට, ගෑස් සිලින්ඩරයෙන් පත් කරන දෙදෙනා ගැන ඉඟියක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා හිටපු ඇමති රවී කරුණානායක මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර ඔවුන් ඇතුළුව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙම පෙරමුණ නියෝජනය කරයි.

එම මන්ත්‍රී කණ්ඩායම් නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිත බවද සඳහන්. මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්වෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය කරන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

Editor O

எதிர்வரும் செவ்வாய்க்கிழமை வரை கடல் கொந்தளிப்பு

Mohamed Dilsad

Brazil cuts fuel price in bid to end strike

Mohamed Dilsad

Leave a Comment