Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ වියදම් වාර්තා බාරදීමට අපේක්ෂකයන්ට දින 21ක් : බාර නොදෙන අයට නඩු

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් මැතිවරණ වියදම් වාර්තා‍, මැතිවරණය අවසන්වී සති තුනක කාලයක් ඇතුළත බාර දිය යුතු බවත්, එසේ බාර නොදෙන අපේක්ෂකයන්ට අදාළව අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ.

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ, ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.

Related posts

Ranil – Sajith meeting adjourn on a positive note

Mohamed Dilsad

சம்பிக்க ரணவக்க தற்போது அவரது அலுவலகத்தில்

Mohamed Dilsad

විදුලිය විසන්ඳි කරන වේලාවන් මෙන්න

Editor O

Leave a Comment