Trending Newsඑසැන පුවත්දේශීය

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

දස වන පාර්ලිමේන්තුව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතයි.එදින පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ නව සභාවාරයක් ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම සම්ප්‍රදායකි. තවද වත්මන් ක්‍රියාදාමය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාද හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සාමාන්‍යයෙන් සිදු වී නැහැ.

ඒ අනුව 1978 සැප්තැම්බර් 07 වැනිදා පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ප්‍රථම වරට ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පසු කාලීනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් උත්සවාකාරයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව විවෘත කරන ලද අවස්ථා ද තිබිණ.

Related posts

Rishad Bathiudeen assumes duties as Cabinet Minister of several key Ministries

Mohamed Dilsad

අජිත් රෝහණගේ සෞඛ්‍ය තත්ත්වය සහ ව්‍යාජ ඡායාරූප

Mohamed Dilsad

ரஞ்சித் சொய்சா அமைப்பாளர் பதவியில் இருந்து நீக்கம்;உபாலி சந்திரசேன நியமனம்

Mohamed Dilsad

Leave a Comment