Trending Newsඑසැන පුවත්දේශීය

විහාරස්ථාන 2,263ක්, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා – මැතිවරණ කොමිෂම

පාර්ලිමේන්තු මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපති හිමිවරු බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතව තිබුණද, එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කැමැත්ත පළ කර තියෙනවා.

කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කඨින පුජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බව විවිධ පාර්ශ්ව මත පළ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

அமல் கருணாசேகர தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

Fisheries Minister seeks resolution for maritime Kerosene Oil shortage

Mohamed Dilsad

Lanka charges asylum seeker deported from family by Australia

Mohamed Dilsad

Leave a Comment