Trending Newsඑසැන පුවත්දේශීය

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැඩසටහන මීට පෙර සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් ඉළක්ක කර ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

ඒ අනුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවය. වයස මාස 9දී බිළිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර, ඊට පෙර කාලය තුළදී එම බිළිඳුන්ට සරම්ප රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතී.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ඊට අමතරව කලින් සරම්ප එන්නත් ලබානොගත් මෙන්ම එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස්ද අවදානම් තත්ත්වයේ පසුවන බවය.

Related posts

Guptill, Williamson make short work of Sri Lanka’s 356

Mohamed Dilsad

சஜித் பிரேமதாச – முஸ்லிம் கட்சி தலைவர்களிடையே சந்திப்பு

Mohamed Dilsad

Navy apprehends 16 Indian fishermen for engaging in illegal fishing in Lankan waters

Mohamed Dilsad

Leave a Comment