Trending Newsඑසැන පුවත්දේශීය

ලාෆ් ගෑස් ගැන දැනුම් දීමක්

වෙළඳපොලේ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇතැයි එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය. බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලු හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් තිබෙන බවද,  සභාපතිවරයා සඳහන් කළේය.

මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය. ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. ඒ අනුව, ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පැවසීය.

Related posts

Russia – China joint air patrol stokes tensions

Mohamed Dilsad

அனைத்து வகை கிரிக்கெட்டிலும் இருந்து அம்லா ஓய்வு

Mohamed Dilsad

UNSG Guterres hails Sri Lanka’s disarmament CONFAB efforts

Mohamed Dilsad

Leave a Comment