Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 07වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ දින තුනක්ද වෙන් කර තිබේ. හෙට දිනයේ, ලබන 31වනදා හා නොවැම්බර් 03වනදා යන දිනවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ලබන 07වනදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන පුද්ගලයින්ට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් මස 14වනදා පවැත්වීමට නියමිතයි.

Related posts

ஆஸ்திரேலிய அணியில் ஸ்டீவ் வாக் மகன்

Mohamed Dilsad

Increase in student turnout at schools

Mohamed Dilsad

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment