Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු අඟවා බුද්ධි අංශ එවූ ලිපිය, දින 12 ක් රවී සෙනෙවිරත්න රඳවාගෙන සිටි බවට ඇති තොරතුරු ඇත්තද – උදය ගම්මන්පිළ ජනාධිපති කාර්යාලයෙන් විමසයි.

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපිය පහතින් (උපුටා ගැනීම) 

තොරතුරු නිලධාරි
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01

හිතවත් තොරතුරු නිලධාරිතුමනි,

ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම

විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී පාස්කු ප්‍රහාරය අනතුරු පිළිබඳ අඟවා බුද්ධි අංශ එවූ ලිපිය කිසි පියවරක් නොගෙන තමන් බාරයේ දින 12 ක් තබා ගත් බවත් එය තමන් අතින් සිදු වූ වැරැද්දක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පිළිගෙන ඇති බව විශ්වාසනීය මූලාශ්‍රයකින් මට දැන ගැනීමට ලැබිණි.

එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව රවී සෙනෙවිරත්න මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ ලබා දුන් සියලුම සාක්ෂි සටහන් මට හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

මේ පිළිබඳ යම් ගාස්තුවක් ගෙවීමට ඇත්නම් එකී ගාස්තුව කොපමණදැයි 0112 877 628 අංකය අමතා මා හට දැනුම් දිමට කාරුණික වන්න.

මෙයට

ඔබේ සේවයට කැප වූ
උදය ගම්මන්පිල

(ලිපියේ උපුටා ගැනීම අවසන්)

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආරක්ෂාව සැපයීමට පොලිස්පති පාර්ලිමේන්තුවේදී එකඟ වේ

Editor O

උදය ගම්මන්පිල ගැන, අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

UPDATE: Death toll from inclement weather exceeds 90

Mohamed Dilsad

Leave a Comment