Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තම දරු­වන්ගේ කැමැ­ත්තට අනුව වතු­ක­රයේ ජන­තාව ඡන්දය භාවිත කළ බවත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය කැමැ­ත්තට අනුව ලංකා කම්කරු කොංග්‍ර­සය කෙරෙහි විශ්වා­සය තබා අලියා ලකු­ණට ඡන්දය භාවිත කරන ලෙස ලංකා කම්කරු කොංග්‍ර­සයේ මහ ලේකම් හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන් මහතා වතු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික සන්ධා­න­යෙන් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යට අලියා ලකු­ණින් තරග කරන ජීවන් තොණ්ඩ­මන් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (16) නොර්වුඩ් නිව්වැලි වත්තේදී මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු ආරම්භ කරමිනි.

පසුගිය සිවු වසරේ තමන්ට ලැබුණු ප්‍රති­පා­දන අනුව වතු­ක­රයේ ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් නංවා­ලී­මට කට­යුතු කළ බවත්, වතු­ක­රයේ ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් නංවා­ලී­මට මෙතෙක් අව­ස්ථාව ලැබුණේ එජාප රජ­යන් යටතේ පම­ණක් බවත් ජීවන් තොණ්ඩ­මන් මහතා  ප්‍රකාශ කළේය.

වතු­ක­රය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ­ව­ලට ලැබෙන ඡන්ද ප්‍රති­ශ­තය අඩු කිරී­මට ස්වාධීන කණ්ඩා­යම් කිහි­ප­යක් නියෝ­ජ­නය කර­මින් වතු­ක­රයේ තරුණ කණ්ඩා­යම් කිහි­ප­යක් කට­යුතු කරන බවත්, එම කණ්ඩායම්වලට හසු නොවී අලියා ලකුණ දින­වී­මට කට­යුතු කරන ලෙස ජීවන් තොණ්ඩ­මන් මහතා ඉල්ලා සිටී.

කොළඹ රැකි­යා­වල නිර­තව සිටින තම දරු­වන් මැති­ව­රණ කාලයේ නි‍ෙව­සට පැමිණ ඡන්දය අහ­වල් ලකු­ණට දෙන ලෙස පවසා යළි ඔවුන් රැකියා ස්ථාන වෙත යන බවත්, ඉන් අන­තු­රුව වතු­ක­රයේ රැඳී සිටින්නේ වතු කම්ක­රු­වන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා සිටි විශාල පිරි­සක් මේ වන විට විවිධ දේශ­පා­ලන කණ්ඩායම්වලට බෙදී මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී ඇති බවත්, ලංකා කම්කරු කොංග්‍ර­සය කිසි දිනක දේශ­පා­ලන වාසි තකා කට­යුතු නොක­රන පක්ෂ­යක් බවයි ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

විශ්‍රාම වැටුප් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සේවා අත්හිටුවයි.  

Mohamed Dilsad

எல்பிட்டிய தேர்தலை இரத்து செய்யக்கோரி தாக்கல் செய்யப்பட்ட அடிப்படை உரிமை மனு நிராகரிப்பு

Mohamed Dilsad

வவுனியா சிறையில் இருந்து சிறைக்கைதி தப்பியோட்டம்

Mohamed Dilsad

Leave a Comment