Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙ බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී සමගි ජනබලවේගයට එකතු වෙයි.

සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස වරුණ දීප්ති රාජපක්ෂ මහතා පත්කර තිබේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, එම පත්වීම ලබාදී තිබේ.

සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා අත්සන් තැබීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් වරුණ රාජපක්ෂ මහතාට, ආසන සංවිධායක ධුරයට අදාළ පත්වීම් ලිපිය පිරිනමා ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ වරුණ රාජපක්ෂ මහතා එහි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් ද පත්විය. පසුව ඇතිවූ පක්ෂ ඛණ්ඩනයේදී ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එක්ව කෙටි කාලයක් කටයුතු කළ අතර එයින් ඉවත්ව යම් කාලයට පසු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු වශයෙන් කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව වරුණ රාජපක්ෂ මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂවරයා වශයෙන් ද කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඔහු සමගි ජන බලවේගය සමග එක්වූයේය.

Related posts

Pakistan PM Imran Khan likely to visit US next month

Mohamed Dilsad

Malaysian police raids former PM’s residence

Mohamed Dilsad

Sri Lankan rupee hits record low against US dollar

Mohamed Dilsad

Leave a Comment