Trending Newsඑසැන පුවත්

තැපැල් ඡන්දය සළකුණු කරන දින ප්‍රකාශයට පත් කරයි

පාර්ලිමේන්තු මැතිවරණෙයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024.11.01 සහ 2024.11.04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි. සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024.11.07 සහ 2024.11.08 යන දෙදින වෙන් කර තිබේ.

මේ අතර තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදු කෙරේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින වෙන් කර තිබේ.

Related posts

வில்பத்து பாதை வழக்கு – அடுத்த வருடம் மார்ச் மாதம் மீண்டும் விவாதத்திற்கு எடுத்துக்கொள்ள முடிவு

Mohamed Dilsad

DEFAMATION CASE AGAINST S.B. DISSANAYAKE WITHDRAWN

Mohamed Dilsad

அரசாங்க தகவல் திணைக்களம் 24 மணித்தியாலங்களும் இயங்கும்

Mohamed Dilsad

Leave a Comment