Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ගැසට්පත්‍රයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් ප්‍රතිපාදන අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එකී අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83 ක් සඳහා වෙන් කරදී ඇති අනුමත ලකුණු 83 හා එලෙස වෙන්කර දී නොමැති අනුමත ලකුණු 115 ක් මෙමගින් ප්‍රකාශයට පත්කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති ලකුණු අතර නාගයා ද වන අතර වෙන්කර දී නොමැති ලකුණු අතර ඉස්සා, කකුළුවා, පොකිරිස්සා, මීයා, බකමූණා, බෝතලය, ඉබ්බා, කිඹුලා ආදී ලකුණු සඳහන් වේ.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය මෙතනින් බාගත කළ හැක.

Related posts

විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු

Mohamed Dilsad

Two suspects arrested for smuggling heroin remanded

Mohamed Dilsad

රනිල් සහ අකිල ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට එයි

Mohamed Dilsad

Leave a Comment