Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු නොගෙව්වොත් ගෙදරට ඇවිත් අය කර ගන්නවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­ වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.

ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනී­මට සමත් වී තිබේ. කෙසේ නමුත් තව­මත් හිඟ බදු මුදල් ගෙවා නොති­බෙන පිරිස වෙත ගොස් මේ ආකා­ර­යට ඒවා අය කර ගැනී­මට තම දෙපා­ර්ත­මේ­න්තුව ඉකුත් සිකු­රාදා (04) පටන් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මෙතෙක් නොගෙවා තිබෙන ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රම­වේද‍ය යටතේ හිඟ බදු මුදල් අය­කර ගැනීමේ දී නීති­මය කට­යුතු ක්ෂණි­කව සපු­රා­ලී­මට ද තම නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය කීවාය. මුදල් අමා­ත්‍යාං­ශය විසින් මේ වසර සඳහා දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දී ඇති ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2024කි. ඉන් සැප්තැ­ම්බර් 30 වන විට එයින් රුපි­යල් බිලි­යන 1417ක් රැස් කරනු ඇතැ­යිද ඇය සඳ­හන් කළාය. එය මේ වසර සඳහා ලබා දී ඇති ආද­යම් ඉල­ක්ක­යෙන් සිය­යට හැත්තෑ­ව­කට වැඩි අග­යක් ගන්නා බව ද ඇය කීවාය.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේන්තු ඉති­හා­සයේ එක් වස­රක් සඳහා අය කර ගත යුතු වැඩිම ආදා­යම් ඉල­ක්කය වසර 2024 තුළ අය­ක­ර­ග­න්නැයි තමන්ට ලබා දී ඇතැයි ද ඇය කීවාය.ඉදිරි මාසයේ දී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වෙන නිසා තම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීට වඩාත් කාර්ය­බ­හුල කාල­යක් උදාවී ඇතැයි ද, එසේ තිබි­ය­දීත් කෙසේ හෝ ආදා­යම් ඉල­ක්කය සපුරා ගැනී­මට කට­යුතු කර­න්නැ­යිද තමන් සියලු දෙනාට දැනුම් දී ඇතැ­යිද ජන­රා­ල්ව­රිය පැව­සු­වාය.

Related posts

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහාය

Mohamed Dilsad

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

Armed men kill 37 civilians in part of Mali hit by ethnic violence

Mohamed Dilsad

Leave a Comment