Trending Newsඑසැන පුවත්දේශීය

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවත්, කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවත්, මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා තිබෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා එහිදී සඳහන් කළේය.

මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ගේ මීට පෙර, ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Related posts

நீர் விநியோக பணிகள் ஆரம்பம்

Mohamed Dilsad

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් අද සිට ඇරඹේ….

Editor O

Leave a Comment