Trending Newsඑසැන පුවත්දේශීය

රාජපක්ෂලා, උගන්ඩාවේ සැඟවූ ඩොලර් බිලියන 18 ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන දහ අටක් උගන්ඩාවට යැවු බවට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා මෙසේ ද කීවේය. අප පක්ෂයේ අයට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටිනවා. රාජපක්ෂවරුන්ට කළ චෝදනාවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් දැන් නැහැ. තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිය යුතු නැහැ. සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට අදාළව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලනවා.

නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තියෙනවා.එනිසා තවදුරටත් කාලය ගත කළ යුතු නැහැ. අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

Related posts

பேட்ட படத்தில் விஜய் சேதுபதியின் லுக்…

Mohamed Dilsad

Deadly blast rocks Afghan Capital

Mohamed Dilsad

Pearson Relocates Global Technical Operations Hub to MAGA ONE – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment