Trending News

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇගයුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09, 20 දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් කෙරිණ.

මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරයි. සම්මාන උළෙලේ තෝරා ගැනීම් සඳහා අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද අනුව සංවිධායක මණ්ඩලය විසින් සිදු කර ඇතැයි සඳහන්.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව , පකිස්තානය බංග්ලාදේශය ,නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 130 ක් ක්‍රියාත්මක කරයි.

Related posts

Three Iranian Naval Ships arrive at Colombo Port [VIDEO]

Mohamed Dilsad

Italian Naval Ship ‘Carabiniere’ arrives in the island

Mohamed Dilsad

රනිල් ජනාධිපති ධුරය දැරූ වසර දෙකහමාරක කාලයේදී, පනත් 90 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment