Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔහු ලකුණු 114ක් ලබා ගත්තේය. සිය 7වන ටෙස්ට් ක්‍රිකට් තරගයව ක්‍රීඩා කරන කමිඳු අද රැස්කළේ ඔහුගේ සිව් වන ටෙස්ට් ශතකය යි. කුසල් මෙන්ඩිස් මැද පෙළ පිතිකරුවෙක් ලෙස පැමිණ ලකුණු 50ක් රැස් කළේය.

දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07කට ලකුණු 302ක් ලබාගෙන තිබිණ. රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය පන්දුවට පහර දෙමින් සිටියහත

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කර තිබේ. කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවයි.. පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණා

Related posts

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට දීමෙන් රජයට මාස 04ට කෝටි 21ක ඉතිරියක්

Mohamed Dilsad

පොදු ප්‍රවාහනයට බාධා එල්ල කරනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

மாற்று அறுவை சிகிச்சை மூலம் மனிதர்களுக்கு பன்றியின் இருதயம்

Mohamed Dilsad

Leave a Comment